සූරා 4 · ජුස් 5
An-Nisa · 4:91
سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَنْ يَأْمَنُوكُمْ وَيَأْمَنُوا قَوْمَهُمْ كُلَّ مَا رُدُّوا إِلَى الْفِتْنَةِ أُرْكِسُوا فِيهَا ۚ فَإِنْ لَمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوا إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّوا أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُولَٰئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُبِينًا
නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීම ටත් අපේක්ෂා කරන තවත් පිරිසක් නුඹලා මතු දකිනු ඇත. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩි ව නියැළෙති. ඔවුන් (සටන් කිරීමෙන්) නුඹලාගෙන් ඉවත් වී නුඹලා වෙත සාමය ඉදිරිපත් කර ඔවුන්ගේ දෑත් ඔවුන් මඩලා නොගත්තේ නම් නුඹලා ඔවුන් ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැනි අයට එරෙහි වීමට අපි ප්රකට බලයක් නුඹලාට ඇති කළෙමු.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න