සූරා 4 · ජුස් 5
An-Nisa · 4:90
إِلَّا الَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ أَوْ جَاءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَنْ يُقَاتِلُوكُمْ أَوْ يُقَاتِلُوا قَوْمَهُمْ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَاتَلُوكُمْ ۚ فَإِنِ اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْا إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا
නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන් ව ඔහු පත් කරන්නට තිබිණ. එවිට ඔවුහු නුඹලා සමඟ සටන් වදිනු ඇත. එබැවින් ඔවුන් නුඹලා ගෙන් ඉවත් ව නුඹලා සමඟ සටන් නොවැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහි ව කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට පත් නොකළේය.
තෆ්සීර්
නුඹලා අතර හා ඔවුන් අතර යුද්ධ නොකරන බවට ස්ථීර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත සේන්දු වූ හෝ තම හදවත් පීඩනයට පත් ව නුඹලා සමග සටන් වැදීමට හෝ ඔවුන් සමග සටන් වැදීමට අපේක්ෂා නොකරන්නන් හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලාට වඩා ඔවුනට අවස්ථාව දී ඔවුන් නුඹලා සමග සටන් වදින්නට තිබුණි. එහෙයින් අල්ලාහ්ගෙන් වූ සුවය නුඹලා ඔහුගෙන් පිළිගනු. ඔවුන් ඝාතනය කිරීමෙන් හෝ සිරගත කිරීමෙන් ඔවුනට බාධා නොකරනු. ඔවුන් නුඹලාගෙන් ඉවත් ව නුඹලා සමග සටන් නොවැද සටන් නොකරන යහපත් මිනිසුන් සේ නුඹලා වෙතින් ආරක්ෂාව පතන්නේ නම්, ඔවුන් ඝාතනය කිරීමට හෝ ඔවුන් සිරභාරයට ගැනීමට හෝ කිසිදු මගක් අල්ලාහ් නුඹලා වෙත තබා නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න