සූරා 4 · ජුස් 5
An-Nisa · 4:89
وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً ۖ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّىٰ يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدْتُمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුහු ප්රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්රතික්ෂේප කර (ඔවුන්ට) සමාන වීම ගැන ඔවුහු ප්රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතුරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නොගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන් ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (ද්රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන් ව දුටු තැන ඔවුන් ව නුඹලා මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරු වකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නොගනු.
තෆ්සීර්
නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් ප්රතික්ෂේප කළාක් මෙන්ම නුඹලාද ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපයේ නුඹලා ඔවුන් සමග සමානයන් වීම ගැන කුහකයෝ ප්රිය වෙති. ඔවුන්ගේ විශ්වාසයට සාධකයක් වශයෙන් දේව ප්රතික්ෂේපයේ නිවහනින් ඉස්ලාම් ප්රදේශයට අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන්ගේ සතුරුකම් හේතුවෙන් ඔවුන් ව මිතුරන් බවට පත් කර නොගනු. ඔවුන් එය පිටුපා ඔවුන් සිටින තත්ත්වයේම අඛණ්ඩ ව සිටියේ නම් නුඹලා ඔවුන් ග්රහණය කර ගනු. ඔවුන් කොතැනක දුටුවද ඔවුන් මරා දමනු. නුඹලාගේ කටයුතු මෙයෙහවන භාරකරුවෙක් ඔවුන් අතුරින් පත් කර නොගනු. නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන උදව්කරුෙවෙක් පත් කර නොගනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න