සූරා 4 · ජුස් 5

An-Nisa · 4:88

۞ فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللَّهُ أَرْكَسَهُمْ بِمَا كَسَبُوا ۚ أَتُرِيدُونَ أَنْ تَهْدُوا مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا

කුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ (අයහපත්) දෑ හේතුවෙන් ඔවුන් ව අල්ලාහ් අවමානයට පත් කළේය. අල්ලාහ් නොමඟ යැවූවන් ව මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ හැරියේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නොදකිනු ඇත.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට කුමක් වීද? කුහකයින් සමග කටයුතු කිරීමේදී නුඹලා මතභේදාත්මක කණ්ඩායම් දෙකක් බවට පත් ව ඇත. පිරිසක් ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසා ඔවුන් සමග සටන් කළ යුතු යැයි පවසන අතර, තවත් පිරිසක් ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් සමග සටන් කිරීම අතහැර දැමිය යුතු යැයි පවසති. ඔවුන්ගේ විෂයයෙහි නුඹලා වෙන්වීමට අවශ්ය නැත. ඔවුන්ගේ ක්රියාවන් අනුව අල්ලාහ් ඔවුන් දේව ප්රතික්ෂේපය හා නොමග වෙතට යොමු කිරීමෙන් ඔවුනට ප්රතිචාර දක්වනු ඇත. සත්ය වෙත යොමුවන්නට අල්ලාහ් ආශිර්වාද නොකළවුනට ඔබ මග පෙන්වන්නට සිතන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද, ඔහු යහමග වෙත කිසිදු මාර්ගයක් නොලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න