සූරා 4 · ජුස් 5
An-Nisa · 4:87
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثًا
අල්ලාහ් වූ ඔහු හැර නැමදුමට දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත ඔහු නුඹලා ව එකතු කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්යය වන්නේ කවරෙකු ද?
තෆ්සීර්
සැබෑ ලෙසින්ම නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා සැබැවින්ම ඔහු එක්රැස් කරනු ඇත. එය නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිසය. අල්ලාහ්ට වඩා කතාවෙන් වඩාත් සත්යය වූ කිසිවකු නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න