සූරා 4 · ජුස් 5
An-Nisa · 4:85
مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا ۖ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقِيتًا
කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට එයින් කොටසක් හිමිය. එමෙන්ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකයා විය.
තෆ්සීර්
කවරෙකු තවත් කෙනෙකුට යහපත ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි ප්රතිඵලයෙන් කොටසක් ඔහුටද හිමි වන්නේය. කවරෙකු තවත් කෙනෙකුට අයහපතක් ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි විපාකයෙන් කොටසක් ඔහුටද අත් වන්නේය. මිනිසා කරන සෑම ක්රියාවක් පිළිබඳවම අල්ලාහ් සාක්ෂි දරනු ඇත. ඒ සඳහා ඔහු ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. යහපත ඇති වීමට හේතුවක් වූයේද එමගින් ඔහුට ද කොටසක් හා භාග්යයක් හිමි වන්නේය. කවරෙකු නපුරක් ඇති වීමට හේතු වූයේද සැබැවින් එයින් කොටසක් ඔහුද ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න