සූරා 4 · ජුස් 5

An-Nisa · 4:84

فَقَاتِلْ فِي سَبِيلِ اللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ الْمُؤْمِنِينَ ۖ عَسَى اللَّهُ أَنْ يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُوا ۚ وَاللَّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنْكِيلًا

එසේ නම් (නබිවරය) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹ නුඹවම මිස වෙන කිසිවකු පිළිබඳව බල කිරීමට ලක් නොවේ. තවද දේව විශ්වාසවන්තයින් ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩිය. තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩිය.

තෆ්සීර්

අහෝ! දූතය, අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරන්න. ඔබ වෙනත් අය ගැන ප්රශ්න නොකරනු ඇත. එමෙන්ම ඒ සඳහා බල කරනු නොලබන්නේය. සැබැවින්ම යුද්ධය සඳහා ඔබ ව ඔබ නිරත කරවනු මිස වෙනත් කිසිවක් ඔබට පවරනු නොලැබේ. යුද්ධයට සහභාගී වන්නට දෙවියන් විශ්වාස කරන්නන්හට ආශාව ඇති කරනු. ඒ සඳහා දිරිගන්වනු. ඔබ කරන යුද්ධය හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බලය අල්ලාහ් මැඩපවත්වන්නට පුළුවණ. අල්ලාහ් වඩාත් බලවත්ය. එමෙන්ම දඬුවම් පමුණුවීමෙහි වඩාත් දරුණුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න