සූරා 4 · ජුස් 5
An-Nisa · 4:81
وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِنْدِكَ بَيَّتَ طَائِفَةٌ مِنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ ۖ وَاللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. නමුත් නුඹ වෙතින් ඔවුහු බැහැර ව ගිය විට ඔවුන් අතුරින් පිරිසක් නුඹ නොපැවසූ දෑ ගැන රාත්රියේ කුමන්ත්රණය කරති. ඔවුන් රාත්රියේ කුමන්ත්රණ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
තෆ්සීර්
‘අපි ඔබේ නියෝගයට අවනත වන්නෙමු. එය පිළිපදින්නෙමු’ යැයි කුහකයෝ පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඔබ වෙතින් හැරී ගිය විට ප්රසිද්ධියේ ඔබ වෙත කළ ප්රකාශයට පටහැණි ව රහසිගත අයුරින් කුමන්ත්රණය කරති. ඔවුන් කුමන්ත්රණය කරන දෑ පිළිබඳ ව අල්ලාහ් දනී. ඔවුන්ගේ එම කුමන්ත්රණයට අල්ලාහ් ප්රතිවිපාක දෙනු ඇත. එහෙයින් ඔබ ඔවුන් දෙස හැරී බැලිය යුතු නැත. ඔවුන් විසින් කිසිදු හානියක් ඔබට කළ නොහැක. ඔබේ කටයුතු අල්ලාහ් වෙත භාර කරන්න. ඒ කෙරෙහි ස්ථාවර ව සිටින්න. ඔබ කවර කරුණක් මත ස්ථාවර ව සිටින්නෙහිද එහි භාරකරුවා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න