සූරා 4 · ජුස් 5

An-Nisa · 4:82

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ ۚ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا

අල් කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.

තෆ්සීර්

කිසිදු වෙනසක් හෝ කිසිදු වරදක් හෝ එහි දකින්නට නොමැතියි ඔවුනට තහවුරු වන තෙක් ඔබ කවර කරුණක් ගෙන ආවේද එය සත්ය බව ඔවුන් වටහා ගන්නා තෙක් ඔවුහු අල් කුර්ආනය පිළිබද නොසිතනුයේ ඇයි? ඒ ගැන අධ්යයනය නොකරනුයේ ඇයි? එය අල්ලාහ් නොවන වෙනත් කෙනෙකු වෙතින් වූයේ නම් සැබැවින්ම ඔවුහු එහි නීතිරීති වල අඩුපාඩුකම් මෙන් එහි අර්ථයන්හි බොහෝ වෙනස්කම් ද දකිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න