සූරා 4 · ජුස් 5

An-Nisa · 4:80

مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَنْ تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු.

තෆ්සීර්

රසූල්වරයාණන් කවර කරුණක් නියෝග කර සිටියේද එය පිළිපදිමින් කවරෙකු ඔහුට අවනත වන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට අවනත විය. අහෝ! දූතය, ඔබට අවනත වීමෙන් කවරෙකු දුරස් වන්නේද ඔහු පිළිබඳ ඔබ දුකට පත්විය යුතු නැත. ඔහුගේ ක්රියාවන් ආරක්ෂා කරන්නටත් ඔහු පිළිබඳ අධීක්ෂණය කරන්නටත් අපි ඔබ එව්වේ නැත. ඔහුගේ ක්රියාවන් සටහන් කරනුයේ ද ඒවා ගණනය කරනුයේ ද අපමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න