සූරා 4 · ජුස් 5

An-Nisa · 4:79

مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ ۖ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ ۚ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا

(නබිවරය!) ඔබට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි (යැයි පවසනු) තවද අපි නුඹ ව මුළු මහත් ජනයාට දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරුවා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

තෆ්සීර්

ආදම්ගේ පුතනුවනි, යම් සම්පතක් හෝ දරුවෙක් හේතුවෙන් කිසියම් සතුටක් ඔබ ලබන්නේද එය අල්ලාහ් විසින් ලැබූවකි. එය ඔබට ඔහු කළ ආශිර්වාදයකි. නමුත් ඔබේ සම්පත හෝ දරුවා විෂයයෙහි ඔබ අසහනයට පත් වන්නේ ද එය ඔබ කළ පාපයක් හේතුවෙන් ඔබ විසින්ම සොයා ගත් එකකි. අහෝ! නබි වරය, ඔබේ පරමාධිපතිගේ පණිවුඩය සියලුම මිනිසුන්හට දන්වා සිටිනු පිණිස ඔබ ඔවුන් අතරට දහම් දූතයකු ලෙස අපි එවා ඇත්තෙමු. ඔබ කවර කරුණක් දන්වා සිටින්නේ ද එමෙන්ම කවර කරුණක් සාධක වශයෙන් හා සාක්ෂි වශයෙන් පිරිනමනු ලැබ ඇත්තේද ඒ පිළිබඳ ඔබ ව තහවුරු කිරීමට අල්ලාහ්ම ප්රමාණවත් වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න