සූරා 4 · ජුස් 5
An-Nisa · 4:78
أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ ۗ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِ اللَّهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِكَ ۚ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ ۖ فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලාට පැමිණෙනු ඇත. නුඹලා බලවත් බලකොටු වක සිටිය ද. (නබිවරය) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයා (මෙම) පුවත අවබෝධ කර ගැනීමට තැත් නොකරනුයේ මන් ද?
තෆ්සීර්
ඔබ කොතැනක වෙතත් ඔබේ අවසන් මොහොත පැමිණි විට මරණය ඔබ වෙත ළඟා වනු ඇත. යුද පිටියෙන් දුරස් ව ආරක්ෂිත බලකොටුවක සිටියද එය පැමිණෙන්නේමය. මෙම කුහකයින්හට දරු සම්පතක් හෝ පෝෂණයක් හෝ ලැබුණු විට ඒ ගැන සතුටු වෙමින් ‘මෙය අල්ලාහ් වෙතින් ලැබුණු දෙයකැයි පවසති. දරුවෙකු හෝ පෝෂණය විෂයයෙහි යම් අසීරුතාවක් ඔවුනට අත් වූයේ නම් මෙම නපුර සිදු වූයේ ඔබ හේතුවෙන් යැයි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට දොස් පවසති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සෑම ආකාරයකම සතුට හා පීඩාව අල්ලාහ්ගේ නියමය හා පෙරනිමිත්ත අනුව සිදුවන්නකි. තමන් ගැන මෙසේ පවසන අය ඔබ ඔවුනට පවසන ප්රකාශ වටහා ගන්නට වෑයම් නොකරනුයේ ඇයි?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න