සූරා 4 · ජුස් 5
An-Nisa · 4:77
أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّوا أَيْدِيَكُمْ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً ۚ وَقَالُوا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلَا أَخَّرْتَنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ ۗ قُلْ مَتَاعُ الدُّنْيَا قَلِيلٌ وَالْآخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا
නුඹලාගේ දෑත් (සටන් කිරීමෙන්) මැඩලනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි ! අප හට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලක් අපව ප්රමාද කරන්නට තිබුණා නොවේදැ යි පවසති. (නබිවරය) පවසනු මෙලොව වින්ඳනය අල්පය. බිය බැතිමතුන් හට මතු ලොව ශ්රේෂ්ඨය. අණු ප්රමාණයකින් වුව ද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය.
තෆ්සීර්
අහෝ දූතය, තමන්ට ජිහාද් අනිවාර්ය කරන මෙන් විමසා සිටින ඔබේ ඇතැම් සගයින්ගේ කටයුතු පිළිබඳව ඔබ දන්නෙහිද? ‘ඔබ යුද්ධ කිරීමෙන් වැළකෙනු. සලාතය ඉටු කරනු. සකාත් දෙනු’ යැයි ඔවුනට පවසනු ලැබීය. මෙය ජිහාද් අනිවාර්යය වීමට පෙර සිදු වූවකි. ඔවුන් මදීනාවට විතැන් වූ විට ඉස්ලාමයට ආරක්ෂාවක් අවශ්ය විය. යුද්ධය අනිවාර්ය කරන ලදී. ඔවුන් ගෙන් ඇතැමෙකුට එය දුෂ්කර විය. අල්ලාහ්ට බිය වන තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ජනයාට බිය වූහ. පසු ව ඔවුහු මෙසේ ප්රකාශ කර සිටියහ: ‘අහෝ අපගේ පරමාධිපතියාණනි, ඔබ අපහට යුද්ධය අනිවාර්යය කළේ මන්ද? මෙලොව භුක්ති විඳින තෙක් ටික කලක් ප්රමාද කරන්නට තිබුණා නොවේද? අහෝ දූතය, ඔවුනට මෙසේ පවසනු. මෙලොව සැප ඉතා අල්පය. පහත්ය. මතු ලොව ඇති සැප සදාතනික බැවින් දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන්නාට එය වඩාත් ශ්රේෂ්ඨ වන්නේය. එහි ඔබගේ කිසිදු යහපත් ක්රියාවක ප්රතිඵල රටඉඳි ගෙඩියක මතු පිටින් පෙනෙන නාරටියක තරම් වුව ද අඩු කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න