සූරා 4 · ජුස් 5
An-Nisa · 4:76
الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ ۖ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන්ම ප්රතික්ෂේප කළවුන්, නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිවු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්රණ දුර්වල විය.
තෆ්සීර්
සැබෑ දේව විශ්වාස කළවුන් අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔහුගේ මාර්ගයේ අරගල කරති. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සටන් වදිනුයේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ මාර්ගයෙහිය. ෂෙයිතානුන්ගේ සහායකයින් සමග ඔබ අරගල කරන්න. සැබැවින්ම ඔබ ඔවුන් සමග අරගල කරන්නේ නම් ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඊට හේතුව ෂෙයිතාන්ගේ සැලසුම දුර්වලය. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ භාරකාරත්වය තැබූ අයට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න