සූරා 4 · ජුස් 5
An-Nisa · 4:75
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا
“අපගේ පරමාධිපතියාණනි! අපව අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද?
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ගේ වචනය උසස් කිරීම සඳහාත් දෙවියන්ගෙන් ආරක්ෂාව පතමින් “අපගේ පරමාධිපතියාණනි, අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා ඔහුගේ ගැත්තන්හට පහර දීමෙන් එහි ජනයාට හිංසා පීඩා කිරීම නිසාවෙන් අප ව මක්කාවෙන් පිටතට ගෙන යනු මැනව!. අපගේ කටයුතු ආරක්ෂා කරන සොයා බලන භාරකරුවකු ඔබ වෙතින් අපහට පත් කරනු මැනව! හිංසාවෙන් අප මුදවා ගන්නා උදව්කරුවකු පත් කරනු මැනවැයි ප්රාර්ථනා කරන පිරිමින්ගෙන් ගැහැනුන්ගෙන් හා ළමයින්ගෙන් දුබලයන් බේරා ගැනීමටත් ඔබ ව වළක්වන්නේ කුමක්ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න