සූරා 4 · ජුස් 5
An-Nisa · 4:74
۞ فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۚ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා ! කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලැබුවේ නම් හෝ ජයග්රහණය කළේ නම් හෝ මහත් ප්රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.
තෆ්සීර්
අල්ලාහ්ගේ වචනය උසස් වන පරිදි ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදිය යුතුයි. සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ මෙලොව ජීවිතයේ ආශාවන් වෙනුවට මතු ලොව ජීවිතයේ ආශාවන් මිලට ගනිති. කවරෙකු හෝ අල්ලාහ්ගේ උත්තරීතර වචනය උසස් කරනු පිණිස ඔහුගේ මාර්ගයේ සටන් කොට දිවි පිදූවෙකු සේ මරණයට පත් වන්නේ නම් හෝ ඔහුගේ සතුරන් පරාජයට පත් කොට ජය ගන්නේ නම් හෝ අල්ලාහ් ඔහුට මහත් තිළිණ පිරිනමනු ඇත. එය ස්වර්ගය හා අල්ලාහ්ගේ පිළිගැනීමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න