සූරා 4 · ජුස් 5
An-Nisa · 4:72
وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا
තවද සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට පිටත් ව යෑමට) පසුබට වන්නන් ද වෙති. එවිට නුඹලාට යම් දුර්භාග්යයක් ඇති වූ විට “මා ඔවුන් සමඟ සහාභාගී නොවූ හේතුවෙන් මට අල්ලාහ් ආශිර්වාද කර ඇතැයි ඔහු පවසයි.“
තෆ්සීර්
අහෝ! මුස්ලිම්වරුනි, සැබැවින්ම තම සතුරන්ට එරෙහි ව යුද වැදීම සඳහා පිටත් ව නොයන, පසුබසින පිරිස් ද ඔබ අතර සිටිති. එවැන්නන්ට අමතරව කුහක පිරිස්ද සිටිති. ඔවුන්ගේ විශ්වාසය දුර්වලය. ඔබට යම් විනාශයක් හෝ පරාජයක් ඇති වූ විට තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ව ‘ඔවුන් සමග යුද්ධයට සහභාගී නොවීමෙන් අල්ලාහ් මා හට ආශිර්වාද කොට ඇත. එසේ සහභාගී වූයේ නම් ඔවුන්ට අත් ඉරණම මා හටද අත් වන්නට ඉඩ තිබුණි’ යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න