සූරා 4 · ජුස් 5

An-Nisa · 4:66

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا

නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරන්නෝය. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත් වයක් වන්නට තිබිණ.

තෆ්සීර්

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න