සූරා 4 · ජුස් 5
An-Nisa · 4:65
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් නුඹගෙන් තීන්දු විමසා, පසු නුඹ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස වන්තයින් නොවනු ඇත.
තෆ්සීර්
මෙම කුහකයෝ සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. පසු ව අල්ලාහ් ඔහුගේ පැවත්ම මත දිවුරමින් ඔවුන් අතර ඇති වන සෑම ගැටලුවකදීම අල්ලාහ්ගේ දූතයාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් වෙත ද එතුමා මිය යැදුණු පසු එතුමාගේ පිළිවෙත වෙතද යොමු වී තීන්දු පතා අල්ලාහ්ගේ දූතයාණන් දෙන විසදුම පිළිබඳව ඔවුන් තෘප්තිමත් බවට පත් ව ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන කිසිදු අසීරුතාවක් හෝ සැකයක් හෝ ඇති කර නොගෙන ඔවුන්ගේ බාහිරයෙන් මෙන්ම අභ්යන්තරයෙන්ද එය පිළිපදිමින් පූර්ණ ලෙස යටත් වන තෙක් ඔවුන් සැබෑ ලෙස සත්යවාදීන් නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න