සූරා 4 · ජුස් 5

An-Nisa · 4:64

وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا

අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අවනත වනු ලබන්නට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරමින් නුඹ වෙත පැමිණ තවද ඔවුන් අල්ලාහ් ගෙන් සමාව අයැද තවද රසූල් වරයා ද ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියේ නම් අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත් අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.

තෆ්සීර්

අල්ලාහ්ගේ අභිමතය හා ඔහුගේ නිර්ණායකයන්ට අනුව කවර කරුණක් අණ කරනු ලැබුවේද එය පිළිපැදීමට කිසියම් කාලයක් දක්වා මිස කිසිදු දහම් දූතයකු අපි නොඑව්වෙමු. අහෝ දූතය, ඔබේ ජීවිත කාලය තුළ ජනයා වැරදි කරමින් තමන්ටම අපරාධ කොට, පසු ව තමන් කළ වැරැද්ද වටහා ගෙන පසුතැවිලි වී, අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නට ඔබ වෙත පැමිණ, ඔබ ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්නේ නම් එවිට අල්ලාහ් ඔවුනට සමාව පිරිනමන්නෙකු හා ඔවුන් කෙරෙහි කරුණා කරන්නෙකු ලෙස ඔවුන් දැක ගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න