සූරා 4 · ජුස් 5
An-Nisa · 4:63
أُولَٰئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَهُمْ فِي أَنْفُسِهِمْ قَوْلًا بَلِيغًا
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ ආත්මයට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.
තෆ්සීර්
ඔවුහු වනාහි ඔවුන්ගේ සිත් තුළ සගවා සිටින කුහකත්වය හා පහත් අරමුණු පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් අහෝ! දූතය, ඔබ ඔවුන් අතහැර දමනු. ඔවුන් නොසලකා හරිනු. අල්ලාහ්ගේ නීතිය පිළිපැදීමෙන් ඇති යහපත දිරිගන්වමින් හා එය අතහැර දැමූ විට ඇති වන භයානක කම පිළිබඳ බියගන්වමින් ඔවුන්හට පැහැදිලි කරනු. ඔවුන් ගේ සිත් තුළට ගැඹුරින් කාවදින සේ ඉතා පැහැදිලි වදනින් ආමන්ත්රණය කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න