සූරා 4 · ජුස් 5
An-Nisa · 4:62
فَكَيْفَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්ය යක් ඇති වූ විට කෙසේ වී ද? අනතුරුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණෙති.
තෆ්සීර්
ඔවුන් සිදු කර ගත් පාපය හේතුවෙන් ඔවුනට අභාග්යයන් ඇති වූ පසු ව අල්ලාහ් මත දිව්රා නිදහසට කරුණු කියමින් ‘ගැටුම්කාරීන් අතර යහපත හා පිළිගැනීම හේතුවෙන් මිස එසේ ඔබ හැර වෙනත් අයගෙන් අප තීන්දු පතන්නට අපේක්ෂා නොකළෙමු’ යැයි පවසා නුඹ වෙත පැමිණි එම කුහකයින්ගේ තත්ත්වය කෙසේ වීද? එම විෂයයෙහි ඔවුහු බොරු පවසන්නෝ වෙති. යහපත පවතිනුයේ අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ ආගමික තීන්දුව අනුව තීන්දු කිරීමෙහිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න