සූරා 4 · ජුස් 5
An-Nisa · 4:67
وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا
එවිට අපගෙන් වූ මහත් ප්රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.
තෆ්සීර්
ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න