සූරා 4 · ජුස් 5

An-Nisa · 4:60

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට පවසමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. එය ප්‍රතික්ෂේප කරන ලෙස සැබැවින්ම ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.

තෆ්සීර්

අහෝ දූතය, සැබැවන්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ හා නුඹට පෙර සිටි නබිවරුන්ට පහළ කරනු ලැබූ දෑ තමන් විශ්වාස කරන බවට බොරුවට තර්ක කරන යුදෙව්වන් අතර සිටින කුහකයින් එකිනෙකාට විරුද්ධ ව කටයුතු කරනු නුඹ නොදුටුවෙහිද? ඔවුන්ගේ ගැටලු සඳහා මිනිසාට අල්ලාහ් නොදුන් පිළිවෙතකින් ඔවුන් තීන්දු ලබන්නට අපේක්ෂා කරති. අල්ලාහ් දුන් දෑ ප්රතික්ෂේප කරන්නැයි නියෝග කරති. ඔවුන් සත්යයෙන් දුරස් කිරීමට ෂෙයිතාන් අපේක්ෂා කරයි. ඒ සමග ඔවුන් යහමග නොලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න