සූරා 4 · ජුස් 5

An-Nisa · 4:59

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය.

තෆ්සීර්

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනී, කවර කරුණක් පිළිපදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය පිළිපදිමින් කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටිමින් අල්ලාහ්ට අවනත වන්න. ඔහුගේ දූතයාණන්ටත් අවනත වන්න. පාපී කටයුත්තක් නුඹලාට නියෝග නොකරන තාක්කල් නුඹලාගේ ප්රධානීන්ටත් අවනත වන්න. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලාට යම් කරුණක් පිළිබඳ මතභේද ඇති වූ විටෙක එම කරුණ අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙත වෙත යොමු කරන්න. එසේ එය දේව පුස්තකය හා නබි පිළිවෙත වෙත යොමු කිරීම, මතභේදයේ එල්බගෙන සිටිනවාට වඩා හා තම අදහස් ප්රකාශ කර සිටිනවාට වඩා උතුම්ය. එවිට එහි අවසානය ද නුඹලාට යහපත් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න