සූරා 4 · ජුස් 5
An-Nisa · 4:58
۞ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا
පැවරුණු වගකීම් එහි හිමියන්ට ඉටු කරන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවක සර්ව නිරීක්ෂක විය.
තෆ්සීර්
නුඹලා වෙත පවරන ලද සියලු දෑ එහි හිමිකරුවන්ට නැවත ලබා දෙන මෙන් නියත වශයෙන්ම අල්ලාහ් නියෝග කරයි. එමෙන්ම නුඹලා ජනයා අතර තීන්දු කරන විට එම තීන්දුවෙහි වරදක් ඇති නොවන පරිදි එක් පැත්තකට පමණක් නැඹුරු නොවී යුක්තිගරුක ව තීන්දු කරන මෙන්ද ඔහු නුඹලාට නියෝග කරයි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් නුඹලාට මෙනෙහි කර, නුඹලාගේ සෑම තත්ත්වයක්ම ඒ වෙත මග පෙන්වූ දෑ යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා පවසන දෑට සවන් දෙන්නාය. එසේම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න