සූරා 4 · ජුස් 5
An-Nisa · 4:57
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا
විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වන ඔවුන් ව අපි යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු සහකාර අය වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතවරුන් අනුගමනය කර අවනතභාවය විදහා පාන කටයුතු වල නිරතවන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන්නෙමු. ඒවායෙහි ඇති මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බසිනු ඇත. එහි ඔවුන් සදා රැඳී සිටිති. එම ස්වර්ග උයන්හි සියලු කිලිටි වලින් පිවිතුරු වූ අඹුවන් ඔවුනට වෙති. උණුසුම හා සිසිල නොදැනෙන තරමට දිගු හා ඝන හෙවණකට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න