සූරා 4 · ජුස් 5

An-Nisa · 4:56

إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا

සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් ව අපි මතු ගින්නට ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම විටකම ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ හැර අපි ඔවුනට (වෙනත්) හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.

තෆ්සීර්

සැබැවින්ම අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වට කර ඇති නිරා ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් පිළිස්සී යන සෑම මොහොතකම ඔවුන් අඛණ්ඩ ව දඬුවම විඳිනු පිණිස තවත් හමක් ඔවුනට යළි මාරු කර දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා නොයනු ඇත. ඔහු සැලසුම් කරන දෑ හා ඔහු තීන්දු කරන දෑහි මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න