සූරා 4 · ජුස් 5

An-Nisa · 4:55

فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

ඒ අනුව ඔවුන් අතරින් එය විශ්වාස කළවුන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් වේ.

තෆ්සීර්

ඉබ්රාහීම් (අලයිහිස්සලාම්) තුමා වෙත හා එතුමාගේ පරපුරින් පැවත ආ නබිවරුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කරන ජනයා ද ආගම් ලත් ජනයා අතර සිටිති. ඒ ගැන විශ්වාස කිරීමෙන් ඉවත් වූ අය ද වෙති. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ද මෙයයි. ඔවුන් අතුරින් ප්රතික්ෂේප කරන්නන්හට ප්රමාණවත් දඬුවම නිරා ගින්නයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න