සූරා 4 · ජුස් 5
An-Nisa · 4:54
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۖ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්යා කරන්නෝද? සැබැවින්ම ඉබ්රාහීම්ගේ පවුලට දේව ග්රන්ථය ද ප්රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්යය ද පිරිනැමුවෙමු.
තෆ්සීර්
නමුත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට හා ඔහුගේ මිතුරන්ට අල්ලාහ් පිරිනමා ඇති දූත මෙහෙවර දේව විශ්වාසය හා මහපොළොවේ පහසුකම් පිළිබඳ ඊර්ෂ්යා කරති. ඔවුහු ඔවුන් ගැන ඊර්ෂ්යා කරනුයේ මන්ද? මීට පෙර සැබැවින්ම අපි ඉබ්රාහීම්ගේ පරපුරට ද දේව පුස්තකය පිරිනැමුවෙමු. ඒ හැර ඔවුන් වෙත අපි දේව පණිවිඩ ද එව්වෙමු. එමෙන්ම එම ජනයා පාලනය කිරීම සඳහා විශාල රාජ්යයක්ද පිරිනැමුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න