සූරා 4 · ජුස් 5
An-Nisa · 4:51
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَٰؤُلَاءِ أَهْدَىٰ مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا
දේව ග්රන්ථයෙන් කොටසක් පිරිනැමූ ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු පිළිම හා නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද ‘විශ්වාස කළවුන්ට වඩා (ප්රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි‘ යැයි ඔවුහු පවසති.
තෆ්සීර්
අහෝ! දූතය, ඔබ නොදන්නෙහිද? දැනුමෙන් කොටසක් අල්ලාහ් වෙතින් දෙනු ලැබූ යුදෙව්වන්ගේ තත්ත්වය පුදුම සහගතය. අල්ලාහ් හැර දමා නැමදුම් පුදන්නට වෙනත් අය තෝරා ගෙන ඔවුන් ඒවා විශ්වාස කරති. (දෙවියන් ආදේශ කරන්නන් සඳහා නිර්මාණයන් කළ දෑ) සැබැවින්ම මොවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ සගයින්ට වඩා ඍජු මාර්ගයේ සිටිනේනේ යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න