සූරා 4 · ජුස් 4
An-Nisa · 4:5
وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا
තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවරූ නුඹලාගේ වස්තුව බුද්ධි මට්ටම හීනවී ඇත්තන්ට පිරි නොනමනු. තවද ඒවායෙහි ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්ර ද ලබා දෙනු. තවද ඔවුනට යහ වදනින් කතා කරනු.
තෆ්සීර්
අහෝ! භාරකරුවනි, යහපත් අයුරින් ගනුදෙනු කළ නොහැකි අයට වස්තුව භාර නොදෙනු. එම ධනය අල්ලාහ් භාර දී ඇත්තේ එමගින් ගැත්තන්හට යහපත හා ඔවුන්ගේ ජීවනෝපායන් යහපත් අයුරින් කළමනාකරණය කිරීමේ හේතුවෙනි. මොවුන් එසේ ධනය කළමනාකරණය කිරීමට හෝ එය ආරක්ෂා කිරීමට නොහැකි උදවිය වෙති. එහෙයින් නුඹලා ඔවුනට එයින් වියදම් කරනු. ඇඳුම් පැලඳුම් ලබා දෙනු. ඔවුන් සමග යහ වදනින් කතා කරනු. ඔවුන් පරිනත හා යහපත් අයුරින් ගනුදෙනු කළ හැකි වයසට පත් වූ විට, ඔවුනට ඔවුන්ගේ ධනය ලබා දී යහපත් උපදෙස් කරන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න