සූරා 4 · ජුස් 4
An-Nisa · 4:4
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً ۚ فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا
තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් හෙවත් විවාහ දීමනාවන් පිරිනමනු. නමුත් ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා රසවත් ව අනුභව කරනු.
තෆ්සීර්
කාන්තාවන්ට මහර් නොහොත් විවාහයේදී මනමාලයා විසින් මනමාලියට ලබාදෙන විවාහ ත්යාගය අනිවාර්ය වගකීමක් වශයෙන් නුඹලා පිරිනමන්න. නමුත් ඔවුන් කිසිදු පිළිකුලකින් තොර ව නුඹලාට එම විවාහ ත්යාගයෙන් කිසිවක් පරිහරණය කිරීමට කැමැත්ත පල කරන්නී නම් එහි ඉක්මවීමකින් තොර ව සතුටින් එය අනුභව කරන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න