සූරා 4 · ජුස් 4
An-Nisa · 4:3
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَىٰ فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَلَّا تَعُولُوا
අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් එවිට කාන්තාවන්ගෙන් නුඹලාට ප්රිය මනාප දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ නුඹලා විවාහ කර ගනිවු. එවිට (ඔවුන් අතර) යුක්ති ගරුක ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එවිට එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි කර ගත් අය හෝ විවාහ කරගත යුතුය. නුඹලා අයුක්තිය ඉටු නොකිරීමට එය වඩා සමීප ය.
තෆ්සීර්
නුඹලාගේ භාරයේ සිටින අනාථ කාන්තාවන් විවාහ වූ විට ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකි යැයි නුඹලා බිය වන්නෙහු නම් ඔවුන් වෙත හිමි විය යුතු ඔවුන්ගේ විවාහ ත්යාගයෙහි අඩුවක් සිදු වේවි, එසේ නැතහොත් ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් අකටයුත්තක් සිදු වේවි යැයි නුඹලා බියවන්නෙහු නම් ඔවුන් අතහැර දමා දැහැමි කාන්තාවන් විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නෙහු නම් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු වශයෙන් විවාහ කර ගන්න. නමුත් ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකැයි බියවන්නෙහු නම් එක් කාන්තාවකට පමණක් සීමා කර ගන්න. එසේ නැතහොත් ඔබ යටතේ පසුවන වහලියන් සමග ඇසුරු කරන්න. එවිට බිරියන්හට අනිවාර්යය වන යුතුකම් මෙන් ඔවුනට ඉටු කිරීම අනිවාර්යය නොවනු ඇත. අනාථ කාන්තාවන් එක් අයකු පමණක් විවාහ වීමේ සීමාව හා පාපයට ලක් නොවීමට වඩාත් සමීප මාර්ගයක් ලෙස වහල් කාන්තාවන් සමග පහස විඳීම යනාදිය මෙම පාඨයේ සඳහන් ව ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න