සූරා 4 · ජුස් 4
An-Nisa · 4:2
وَآتُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ ۚ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා කිලිටි දෑ වෙනුවට පිවිතුරු දෑ හුවමාරු නොකරනු. නුඹලාගේ වස්තුව සමඟ ඔවුන්ගේ වස්තුව එකතු කර අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි.
තෆ්සීර්
අහෝ! භාරකරුවනි, (තම දෙමව්පියන් අහිමි වීී වැඩිවියට පත් නොවූ) අනාථයින්හට ඔවුන් වැඩි වියට පත් වී පරිනත වයසට පැමිණි පසු ව ඔවුනට ඔවුන්ගේ ධනය සම්පූර්ණයෙන් පිරිනමනු. අනාථයාගේ ධනයෙන් වටිනා හොඳ දෑ ලබා ඒ වෙනුවට නුඹලාගේ ධනයෙන් නොවටිනා පහත් දෑ ඔවුන්හට ලබා දී හලාල් හෙවත් නිත්යනුකූල වන දෑ හරාම් හෙවත් නිත්යනුකූල නොවන දෑ සමග හුවමාරු නොකරන්න. අනාථයින්ගේ ධනය නුඹලාගේ ධනය සමග මිශ්ර කොට පරිහරණය නොකරන්න. අල්ලාහ් අබියස එය මහත් පාපයක් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න