සූරා 4 · ජුස් 4
An-Nisa · 4:6
وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا ۚ وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ ۖ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්රවේශමෙන් රැක බලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය යුතු වේ) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසත් වන්නේ ද ඔහු (එය පරිහරණය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතුය. තවද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නන්ගෙන් අල්ලාහ් ප්රමාණවත් ය.
තෆ්සීර්
අහෝ! භාරකරුවනි, අනාථ දරුවන් වැඩිවියට පත් ව මුහුකුරා යන වයසට පැමිණි විට ඔවුන් ගනුදෙනු කළ හැකි පරිදි ඔවුන්ගේ ධනයෙන් කොටසක් ඔවුනට ලබා දී පරීක්ෂා කර බලනු. එහි ඔවුන් යහපත් අයුරින් ගනුදෙනු කරන්නේ නම් ඔවුන්ගේ පරිනතභාවය පිළිබඳ නුඹලාට පැහැදිලි වූයේ නම් ඔවුන්ගේ ධනයෙහි කිසිදු අඩුවක් සිදු නොකර ඔවුනට එය සම්පූර්ණයෙන්ම භාර දෙනු. අවශ්යතා ඇති අවස්ථාවක ඔවුන්ගේ ධනයෙන් නුඹලාට අල්ලාහ් අනුමත කළ දෑ හැර පමණ ඉක්මවා ගොස් ඔවුන්ගේ ධනය අනුභව නොකරනු. ඔවුන් වැඩිවියට පත් වූ විට ඔවුන් ඒවා ගනු ඇතැයි යන බියෙන් එය අනුභව කිරීමට ඉක්මන් නොවනු. නුඹලා අතරින් කිසිවකුට අවශ්ය තරම් ධනය ඇත්නම් අනාථයාගෙන් ධනය පරිහරණය කිරීමෙන් වැළකිය යුතුය. නමුත් නුඹලා අතරින් කිසිවකුට ප්රමාණවත් ධනය නොමැති ව දිළිඳු තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුගේ අවශ්යතාවේ ප්රමාණයට අනුව අනුභව කළ යුතුය. ඔවුන් වැඩිවියට පත් වූ පසු ව හා ඔවුන් පරිනතභාවය ලබා ඇතැයි පැහැදිලි වූවායින් පසු ඔවුන්ගේ ධනය ඔවුනට නුඹලා භාර දෙනු. එසේ භාරදීම සම්බන්ධයෙන් අයිතිවාසිකම් සුරැකින පරිදි හා ඇතිවිය හැකි ගැටලු සමථය කළ හැකි පරිදි සාක්ෂිකරුවන් පත් කර ගනු. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔහු ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් එය භාරකළ ගැත්තන්ගෙන් විභාග කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න