සූරා 4 · ජුස් 5
An-Nisa · 4:49
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ ۚ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا
ඔවුන් ඔවුන්වම පිවිතුරු යැයි පවසා ගන්නන් දෙස නුඹ නොබැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත වූවන් ව පිවිතුරු කරනුයේ අල්ලාහ්ය. තවද අණු ප්රමාණයකින් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
තෆ්සීර්
අහෝ! දූතය, තමන් හා තම ක්රියාකාරකම් පිවිතුරු යැයි පවසමින් ඒවා ගැන මෙනෙහි කරන්නන්ගේ කටයුතු පිළිබඳ ඔබ නොදුටුවෙහිද? එසේ නොව එහි අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණි. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ ගැත්තන් ඔහු පැසසුමට ලක් කරනු ඇත. ඔවුන් පිවිතුරු කරනු ඇත. එය හදවත් තුළ සැඟ වී ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා ඔහු වන බැවිණි. ඔවුන් කළකම් වලට හිමි කුසල් රටඉඳි කෙන්දක මතුපිටින් ඇති තිතක ප්රමාණයක් වුවද ඒවායෙහි කිසිදු අඩුවක් සිදු කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න