සූරා 4 · ජුස් 5

An-Nisa · 4:48

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا

සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත වූ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් ගෙතුවේය.

තෆ්සීර්

ඔහුගේ මැවීම් අතුරින් කිසිවක් ගෙන ඔහුට සමාන කිරීමේ වරදට නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේ නැත. සමාන කිරීමේ හෝ ප්රතික්ෂේප කිරීමේ වරද හැරෙන්නෙට සෙසු වැරදි වලට ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට සමාව දෙනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට ඔවුන්ගේ පාපයේ තරමට සාධාරණීය ලෙස දඬුවම් කරන්නේය. කවරෙකු අල්ලාහ් සමග වෙනත් කෙනෙකු සම කරන්නේ ද ඔහු අතිමහත් පාපයක් ඉපැයුවේය. ඒ මත ම සිට මිය ගිය ඇත්තන්ට කිසිදු සමාවක් හිමි වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න