සූරා 4 · ජුස් 5

An-Nisa · 4:47

يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

අහෝ දේව ග්‍රන්ථය දෙනු ලැබූවනි ! අප මුහුණු මකා දමා ඒවා එහි පිටුපසට හරවන්නට හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් ඔවුනට අප ශාප කිරීමට පෙර නුඹලා සමඟ වූ දෑ සත්‍යය කරවමින් අපි නුඹලාට පහළ කළ දෑ කෙරෙහි නුඹලා විශ්වාස කරනු. තවද (එලෙස හැඩරුව වෙනස් වීමේ) අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය.

තෆ්සීර්

ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, මුහුණු වලින් පෙනෙන්නට ඇති හැඟීම් මකා දමා ඒවා ඔවුන්ගේ පසුපසට හරවා දමන්නට පෙර හෝ සෙනසුරාදා මසුන් ඇල්ලීමෙන් වැළකී සිටින මෙන් නියෝග කළ පසුවත් එම සීමාවන් ඉක්මවා කටයුතු කළ සෙනසුරාදා වැසියන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි නෙරපා හැරියාක් මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හැරීමට පෙර නුඹලා සමග වූ තව්රාතය හා ඉන්ජීලය තහවුරු කරන්නක් ලෙසින් පැමිණි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අප පහළ කළ දෑ විශ්වාස කරනු. සෙනසුරාදා වැසියන් සීමාව ඉක්මවා කටයුතු කළ බැවින් ඔවුන් වඳුරන් බවට පත් කළේය. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ නියමය කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න