සූරා 4 · ජුස් 5

An-Nisa · 4:46

مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَٰكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන, එමෙන්ම අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු, ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු. යැයි දහමෙහි අඩු පාඩු ඇතිකරමින් වචන වෙනස් කරමින් රාඉනා යැයි පවසන්නන් යුදෙව්වන් අතුරින් වෙති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු, සවන් දෙනු උන්ළුර්නා (අප වෙත සාවධානය යොමු කරනු.) යැයි පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.

තෆ්සීර්

යුදෙව්වන් අතර නපුරු පිරිසක් ද සිටිති. අල්ලාහ් කවර දෙයක් පහළ කර ඇත්තේ ද එම වදන් ඔවුහු වෙනස් කරති. අල්ලාහ් පහළ නොකළ දෑ අලුතින් එකතු කොට ගොතා පවසති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට යමක් අණ කරන අවස්ථාවේ ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගය අපි පිටුපෑවෙමු’ යැයි පවසති. තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ඔවුන් ‘අපි පවසන දෑට ඇහුන්කන් නොදී ඔබ සවන් දෙන්න.’ ඔවුන් කුතුහලය ඇති කරන පරිදි (රාඉනා) යන ප්රකාශය භාවිත කළෝය. ඇත්තෙන්ම ඔවුන් එමගින් අපේක්ෂා කළේ ‘රඌනා’ යන පදයෙන් අදහස් කරන පරිදි අල්ලාහ්ගේ දූතයාණන්ට ශාප කිරීමටය. ඒ නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ දිවවල් හරවා රාඉනා නම් පදය විකෘති කොට පැවසීය. ඔවුන් එමගින් දහම අපහාසයට ලක්කිරීමට අරමුණ කර ගත්තෝය. නමුත් ඔවුන් ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගයට අපි පිටුපෑවෙමු’ යන ප්රකාශය වෙනුවට ‘ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු’ යැයි ද ‘ඔබ ඇහුන්කන් නොදී සවන් දෙනු’ යන ප්රකාශය වෙනුවට ‘සවන් දෙනු’ යැයි ද විකෘති කොට පැවසූ ‘රාඉනා’ යන ප්රකාශය වෙනුවට ‘ඔබ පවසන දෑයින් ඔවුනට ඔබ වෙතින් ප්රයෝජනයක් ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු’ යැයි ද පවසා සිටියෙහු නම් එය ඔවුනට යහපත් වනු ඇත. එය ඔවුන් පවසන වඩාත් සුදුසු මෙන්ම වඩාත් යුක්ති සහගත ප්රකාශයක් වනු ඇත. එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග විනයානුකූල බැඳීමකින් යුතුව කටයුතු කර ඇති බව පෙන්වා දීමක් වන බැවිණි. නමුත් අල්ලාහ් ඔවුනට ශාප කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා හැරියේය. එහෙයින් ඔවුන් ඔවුනට ප්රයෝජනවත් වන අයුරින් විශ්වාස කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න