සූරා 4 · ජුස් 5
An-Nisa · 4:45
وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්රමාණවත්ය.
තෆ්සීර්
අහෝ! දේව විශ්වාසී ජනයිනි, නුඹලා අතර නුඹලාගේ සතුරා කවුරුන්දැ යි අල්ලාහ් මැනවින් දන්නාය. එහෙයින් ඔවුන් පිළිබඳ ඔහු නුඹලාට දැනුම් දෙනු ඇත. ඔවුන්ගේ සතුරුකම පිළිබඳ නුඹලාට ඔහු පැහැදිලි කරනු ඇත. ඔවුන්ගේ අර්බුදයෙන් නුඹලා ආරක්ෂා කිරීමට භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔවුන්ගේ කුමන්ත්රණ ඔවුන්ගේ වධ වේදනාවන්ගෙන් නුඹලා ව වළක්වා ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කිරීම සඳහා උදව්කරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න