සූරා 4 · ජුස් 5
An-Nisa · 4:44
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ
දේව ග්රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්රිය කරති.
තෆ්සීර්
අහෝ! දූතයිනි, තව්රාත් දැනුමෙන් කොටසක් අල්ලාහ් පිරිනැමූ යුදෙව්වන්ගේ කටයුතු පිළිබඳ නුඹ නොදන්නෙහිද? ඔවුන් යහමග වෙනුවට මුළාව හුවමාරු කර ගනිති. අහෝ! දේව විශ්වාසී ජනයිනි, ඔවුන්ගේ වැරදි මාර්ගයේ නුඹලාවද ගමන් කරවනු පිණිස රසූල්වරයා කවර ඍජු මාර්ගයක් නුඹලා වෙත ගෙන ආවේද එයින් නුඹලා ව නොමග යවන්නට ඔවුන් ඉමහත් ආශාවෙන් සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න