සූරා 4 · ජුස් 5

An-Nisa · 4:43

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا ۚ وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද (ස්නානය අනිවාර්යය වූ) කිලිටි තත්ත්වයේ සිටින්නා ද (මස්ජිදයට) ළං නොවිය යුතුය. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේම නුඹලා රෝගී බවින් හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නොලැබූවේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් වැරදි දරාගන්නාය. පාපක්ෂමාව පිරිනමන්නාය.

තෆ්සීර්

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, නුඹලා මත් බවින් සිටියදී පවසන දේ කුමක්දැ යි නුඹලාට වෙන්කර හඳුනා ගත හැකි තරමට පැහැදිලි වන තෙක් සලාත් ඉටු නොකරන්න. මෙය මත්පැන් පොදුවේ තහනම් කිරීමට පෙර පහළ වූවකි. එමෙන්ම ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය වූ තත්ත්වයක ද සලාතය ඉටු නොකරන්න. එවන් තත්ත්වයක නුඹලා ස්නානය කරන තෙක් මස්ජිදය වෙත පිවිස එහි රැඳී නොසිටින්න. නමුත් ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. ජලය භාවිත කළ නොහැකි තරමට යම් රෝගයක් නුඹලාට වැලඳ ඇත්නම් හෝ නුඹලා ගමනක නිරත ව සිටින්නේ නම් හෝ නුඹලාගෙන් කිසිවකු කිලිටි තත්වයේ පසුවන්නේ නම් හෝ නුඹලා බිරියන් සමග සංසර්ගයේ යෙදුණු තත්ත්වය සිටින්නේ නම් හෝ ඉන්පසුව නුඹලාට පිරිසිදුවන්නට ජලය නොලැබුණු විටෙක පිරිසිදු පස් අරමුණු කර ගන්න. එයින් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද ගල්වා ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් එසේ කෙටි කර ගැනීම පිළිබඳ සමාව දෙන්නාය. ඔහු අතික්ෂමාශීලීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න