සූරා 4 · ජුස් 5

An-Nisa · 4:42

يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللَّهَ حَدِيثًا

ප්‍රතික්ෂේප කර රසූල්වරයාට පිටු පෑ අය එදින තමන් මහ පොළොව සමඟ සමතලා වූයේ නම් යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවී මක් ඔවුන්ට අල්ලාහ්ගෙන් වසන් කළ නොහැකිය.

තෆ්සීර්

ඒ මහත් වූ දිනයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටුපා කටයුතු කළවුන් තමන් පසට පස් වී මහපොළොව සමග සමතලා වී තිබුණා නම් මැනවයි ප්රිය කරති. ඔවුන් කළ කම් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත. ඊට හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට කතා කළ නොහැකි පරිදි ඔවුන්ගේ දිවවල් මුද්රා තබා ඔවුන්ගේ සෙසු අවයව වලට කතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇත. එවිට ඒවා ඔවුනට එරෙහි ව ඔවුන් කළ කම් පිළිබඳ සාක්ෂි දරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න