සූරා 4 · ජුස් 5

An-Nisa · 4:40

إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ ۖ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا

සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්‍රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ් සාධාරණනීයය. ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. එහෙයින් ඔවුන් කළ යහකම් අතුරින් කුඩා කුහුඹුවක තරම්වත් අඩු කරන්නේ නැත. ඔවුන් කළ පාපකම් අතුරින් කිසිවක් වැඩි කරන්නේ ද නැත. එමෙන්ම යමෙකු අණුවක තරම් හෝ යහපතක් සිදු කර ඇත්නම් ඊට අමතර ව එහි කුසල් ඔහු ප්රගුණ කර දෙයි. එම ප්රගුණ දීමනා සමග ඔහු අබියසින් අතිමහත් තිළිණද පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න