සූරා 4 · ජුස් 5

An-Nisa · 4:39

وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللَّهُ ۚ وَكَانَ اللَّهُ بِهِمْ عَلِيمًا

ඔවුහු අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට කවර (නපුර)ක් සිදුවන්නේද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳ ව සර්වඥානී විය.

තෆ්සීර්

සැබෑ ලෙස අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කොට ඔවුනට අල්ලාහ් පිරිනමා ඇති දැයින් ඔහු ප්රිය කරන තෘප්තියට පත්වන ආකාරයෙන් විදයම් කළේ නම් ඔවුනට කවර හිංසාවක් ඇති වන්නේද? මේ සියල්ලෙහි යහපත ඇත. ඔවුන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම ක්රියාවකටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න