සූරා 4 · ජුස් 5
An-Nisa · 4:38
وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ ۗ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا
තවද, ජනයාට ප්රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ඔවුන් (ෂෙයිතාන්ගේ මිතුරන්ය) ෂෙයිතාන් කවරෙකුට මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය.
තෆ්සීර්
එමෙන්ම ජනයාට ප්රදර්ශනය කොට ඔවුන් ප්රශංසා කරනු පිණිස තම ධනය වියදම් කරන්නන් වෙනුවෙන් අපි දඬුවම සූදානම් කර ඇත්තෙමු. ඔවුන් අල්ලාහ් ව විශ්වාස කරන්නන් නොවෙති. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කරන්නන් නොවෙති. එම නින්දනීය දඬුවම අපි ඔවුනට සූදානම් කර ඇත්තෙමු. ෂෙයිතාන් ව අනුගමනය කරන්නන් මිස වෙනත් කිසිවකු ඔවුන් මුළා කළේ නැත. ෂෙයිතාන් කවරෙකුට අනිවාර්යය මිතුරෙකු වූයේ ද එම මිතුරුකම ඉතා නරක මිතුරුකමක් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න