සූරා 4 · ජුස් 5

An-Nisa · 4:37

الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا

මසුරුකම් පා මසුරුකම මිනිසුනට නියෝග කර අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන්නවුන් (වන) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.

තෆ්සීර්

තමන්හට අල්ලාහ් කවර වස්තුවක් පිරිනමා ඇත්තේ ද, එයින් වියදම් කළ යුතු අය වෙනුවෙන් වියදම් නොකර ඉන් වැළකී සිට, තම ප්රකාශයන් හා ක්රියාවන් තුළින් ඒ සම්බන්ධයෙන් අන් අයට අණ කර, තමන් වෙත පිරිනමා ඇති වස්තුව, දැනුම හා වෙනත් භාග්යයන් වසන් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔවුන් ජනයාට සත්යය පැහැදිලි නොකරයි. එය සඟවා අසත්ය දෑ හෙළි කරයි. මෙවන් කරුණු දේව ප්රතික්ෂේපයේ සලකුණු අතරිනි. දේව ප්රතික්ෂේපකයින්හට නින්දනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න