සූරා 4 · ජුස් 5

An-Nisa · 4:36

۞ وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا

තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද ආනථයින් දුගියන් ඥාති අසල්වැසියා (ඥාති නොවන) අසල්වැසියා අසලින් සිටින සගයා මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (වහලුන්) සමඟ ද උපාකරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය.

තෆ්සීර්

නුඹලා අල්ලාහ්ට අවනත වී ගැතිකම් කොට ඔහුට නමදිනු. ඔහු සමග වෙනත් අය ආදේශ කොට නොනමදිනු. දෙමාපියන්ට ගරු කොට ඔවුනට උවටැන් කරමින් ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කරනු. එමෙන්ම ඥාතීන්, අනාථ දරුවන් හා අවශ්‍යතා ඇත්තන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. ඥාතී අසල්වැසියන් මෙන්ම ඥාතී නොවන අසල්වැසියන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලා සමග එකට සිටින සගයා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. අතරමං වූ නාදුනන මගියා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලාගේ වහලුන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. මිනිසුන් වෙත තමන් ගැන පුරසාරම් දොඩන, අල්ලාහ්ගේ ගැත්තන් වෙත අහංකාරකම පෙන්වන, තමන් ගැන ඉහළින් කතා කරන අයව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න