සූරා 4 · ජුස් 5

An-Nisa · 4:35

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් තීරකයෙකු ද ඇයගේ පවුලෙන් තීරකයෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.

තෆ්සීර්

අහෝ අඹු සැමි යුවළගේ හිතමිතුරනි, භාරකරුවනි, ඔවුන් අතර පවතින විරුද්ධත්වය වෛරී හා ගැටලුකාරී තත්ත්වයක් දක්වා ඇදෙනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම්, යහපත් අයුරින් ඔවුන් දෙදෙනා වෙන් කිරීම හෝ ඔවුන් දෙදෙනා අතර එකගතාවය ඇති කිරීම සඳහා තීන්දු කිරීමට ස්වාමි පුරුෂයාගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙක් හා බිරියගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙකු ඉදිරිපත් කර එවනු. ඔවුන් දෙදෙනා අතර එකඟතාව ඇති කිරීමය වඩාත් ප්රිය ජනක හා වඩාත් සුදුසු වනුයේ. තීරකයින් දෙදෙනාම එය අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඒ සඳහා ආදර්ශමත් මාර්ග පෙන්වා දී ඒ අනුව ඔවුහු කටයුතු කරති. අල්ලාහ් අඹු සැමියන් අතර ආශිර්වාද කරනු ඇත. ඔවුන් අතර පවතින විරුද්ධත්වය ඉවත් කරනු ඇත. තම ගැත්තන්ගෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඔවුන් කවර කරුණක් සඟවාගෙන සිටියත් එහි සෑම සියුම් දෙයක් පිළිබඳවම ඔහු මැනවින් දන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න